සයිනොපෙක් ඉන්ධන මිලත් ගණන් පෙන්වයි - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

සයිනොපෙක් ඉන්ධන මිලත් ගණන් පෙන්වයි


සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 368ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 360ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468කි.

මේ අතර, ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371 කි.

ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 කි.

ලංකා භූමිතෙල් ලීටරය රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262 ක් වෙයි.

ඊට අමතරව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 08 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 07කින්ද පහළ දමා ඇත.

No comments:

Post a Comment


Pages