ආගම දහම අනුව අපේ ක්‍රියා කලාපය හැඩගස්වා ගත යුතුයි - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Monday, January 29, 2024

ආගම දහම අනුව අපේ ක්‍රියා කලාපය හැඩගස්වා ගත යුතුයි


ආගම දහම අනුව අපේ ක්‍රියාකලාප හැඩගස්වා ජන සමාජයේ දියුණුවට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (25) මේ බව පැවසුවේය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.


ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස රටේ ඇති අතිඋතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කිරීම වගකීමක් පූජාභූමි ආරක්ෂා කිරීම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම රටේ පුරවැසියන් සියලු දෙනාගේම වගකීමක්.


මම මෙම ව්‍යාපාතිය විවෘත කළේ විපක්ෂ නායකවරයා ලෙස නොව රටේ සිවිල් පුරවැසියකු ලෙසයි. ඒ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්භාරය ඉටු කිරීමේ සත්කාරය නිසයි. බුදුදහමට අනුව අපගේ ගති පැවතුම් ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ නිහතමානීව සංවරශීලීව කටයුතු කළ යුතු වෙනවා. ආගම දහම අනුව අපගේ ක්‍රියාකලාප හැඩගස්වමින් ජන සමාජයේ දියුණුව උදෙසා කටයුතු කළ යුතුයි.


ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ අධික්ෂණය යටතේ මේ කටයුතු දිගින් දිගටම ඉටු කරනවා. මේ තුළින් ලැබෙන ආලෝකයෙන් රට වැටී ඇති තැනින් ගොඩඒමට ආශිර්වාදයක් ලැබෙනවා.


මගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද දෙවිනුවර පුදබිම වෙනුවෙන් සුවිශාල සේවාවන් රැසක් ඉටු කළා. එම සේවාවන් තවදුරටත් ඉදිරියට ගෙන යෑම මගේ අරමුණයි.


කඹුරුපිටිය ගම් උදාව කේන්ද්‍ර කර ගෙන මෙම විහාරස්ථානය සහ උතුම් පුදබිමට පූජා කළ අක්කර 25ක වැදගත් භූමිභාගය යම් යම් ආරවුල් නිසා එහි ස්ථාවරත්වය පිළිබඳ ගැටලු පැනනැඟී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ කරුණු කාරණා ඉදිරිපත් කරමින් මෙහි නිරවුල්භාවය කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා.


රක්ෂණ ශ්‍රියන්ත

1 comment:


Pages