සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක් - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්


අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයින් විසින් ඊයේ (31) ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම්වල ඉහළ පෙළේ නිලධාරීන් ව ප්‍රශ්න කර ඇති අතර එම සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් චෝදනා කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පවසන්නේ එම ආයතන නියාමනය සඳහා කොංග්‍රසය හැකි ඉක්මණින් සුදුසු නීති සම්මත කළ යුතු බවය.

එසේම එම මාධ්‍ය ජාල ඔස්සේ ළමුන්ව විවිධ අපයෝජනයට ලක්වීම සිදුවන බවත් එය වළක්වාලීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙට් සාමාජිකයෝ "ඔබේ අත්වල රුධිරය තිබෙනවා..." යනුවෙන්ද සමාජ මාධ්‍ය සමාගම්වල නිලධාරීන් ට පැවසීය.

මෙම කරුණු වාර්තා වූයේ අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් කැඳවා ඇති විශේෂ කමිටු විභාගයක දීය.

එහි අරමුණ වන්නේ සමාජ මාධ්‍ය සමාගම් ලාභ ලැබීමේ අරමුණු මත නිසි ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා නොදී විශේෂයෙන්ම ළමුන් ට හානිවන ආකාරයට කටයුතු කරන බවට දෙමව්පියන් සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමය.  

"සකර්බර්ග් මහත්මයා, ඔබ සහ සමාගම් අපේ ඉදිරියේ ඉන්නවා. මම දන්නවා ඔබ හිතනවා ඔබ එවැන්නක් කිරීමට සිතුවේ නෑ...නමුත් ඔබලාගේ අත්වල රුධිරය ගෑවිලා," යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පැවසීය.

ඔහු මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ට පැවසුවේ, "ඔබට නිෂ්පාදනයක් තිබෙනවා...ඉන් මිනිසුන් මරා දමනවා..." යනුවෙනි.

මෙම අවස්ථාවට සකර්බර්ග් සමග X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් එක්වූහ.
    
මෙම අවස්ථාවට එක්වූ ඩික් ඩර්බින් දත්ත පෙන්වමින් පැවසුවේ මූල්‍යමය වාසි පෙන්වා, සමාජ මාධ්‍ය ඔස්සේ බාල වයස්කරුවන් ව රවටා ඔවුන්ගේ අසභ්‍ය ජායාරූප සහ වීඩියෝ ගෙන්වා ගැනීමට සමහර පුද්ගලයින් කටයුතු කරන බවය.

No comments:

Post a Comment


Pages