හෝටලයක් තුළ අභිරහස් මරණයක් - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

හෝටලයක් තුළ අභිරහස් මරණයක්


හික්කඩුව පොලිස් වසමේ ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගත් පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇත.

ඊයේ (31) සවස එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් හික්කඩුව පොලීසියට ඒ බව දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

පසුව පොලීසිය හා හෝටල් සේවකයින් එක්ව අදාළ පුද්ගලයා නවාතැන් ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘත කර පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා ලේ ගලන තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් වූ වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment


Pages