Me Sinhala Apage Ratayi | මේ සිංහල අපගෙ රටයි - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

Me Sinhala Apage Ratayi | මේ සිංහල අපගෙ රටයි


 මේ සිංහල අපගෙ රටයි
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙණ රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු (ම්. ම්. ම්. ම්.)
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ

සමනොළ ගිරි වළලු බිමේ //
බුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

සමනොළ ගිරි වළලු බිමේ //
මුනි සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව



1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.
මෙහි දක්වා ඇති පද වැල සිනමා කෘතියේ ගැයුණු අයුරිණි.
1966 පැවති 3 වෙනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර නාටකය, හොඳම නළුවා, හොඳම කැමරා ශිල්පි, හොඳම සංස්කාරක, හොඳම කලා අධ්‍යක්ෂක, හොඳම ගීත රචක, හොඳම ගායිකාව සඳහා "සාරවිට" සිනමා කෘතියට සම්මාන හිමි විය.

No comments:

Post a Comment


Pages