Sarayatiyen Api | සැරයටියෙන් අපි - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

Sarayatiyen Api | සැරයටියෙන් අපි


 සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙනසේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කළ එළෙඹෙන දා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමන්
පතනෙමු සසරින් නික්මෙනදා

සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

 

Artist : Chandralekha Perera, Vijaya Kumarathunga
Lyrics : Somapala Leelananda
Music : Sarath Dasanayaka

No comments:

Post a Comment


Pages